01.අධ්‍යාපනය යනු
පඹහින්නේ ගයා මූර්ති හිමි
පලමු වසර
ශ්‍රී ලංකා භිකෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර
අධ්‍යාපනය යනු කුමක් දැයි සොයා බැලීමට ප්‍රථමයෙන්
අධ්‍යාපනය යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කර කළ යුතුය. Educo යන ලතින් භාෂාවේ වචනයෙන් බිදී ආ වචනකි. එය පසුව Education යනුවෙන් සකස් වී ඇත. Education යන වචනයේ අදහස සංස්කෘත ඉංග්‍රීසි ශබ්දකෝෂයේ මෙසේ දක්වයි.
v උපදෙස් දීම
v ඉගැන්වීමඅග්‍රවල්
අග්‍රවල්
(Agrawal) - විද්‍යාඥයාට අනුව අධ්‍යාපනය
පිළිබඳව ප්‍රධාන කරුණු හතරක් යටතේ විග්‍රහ කරයි.
v Education - ඉගෙනීමේ ක්‍රියාවලිය.
v Educere
- මග පෙන්වීම හෝ එලියට ගැනීම.
v Educare - ඇති දැඩි කිරීම පුහුණු
කිරීම, පුහුණු කිරීම.
v Educo - ඉදිරියට යොමු කිරීම සාරය එළියට ගැනීම.
අධ්‍යාපනය පිළිබඳ විවිධ දාර්ශනිකයන් විවිධ අදහස් පළකර ඇත. එම අදහස් අතර
සමාජය තුළ සිදුවන ක්‍රියාවලියක් වශයෙන් මෙම අධ්‍යාපනය දෙස විද්‍යාත්මකව
දෘෂ්ටිකෝණයෙන් ප්‍රථමයෙන්ම අවධානය යොමුකරන ලද දර්ශනිකයා වශයෙන් ඩුවී (Duwey) පෙන්වා දිය හැකිය. නමුත්
එම අදහස පිළිබඳ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට යොමු වූ බවක් දක්නට නැත. ඩුවී ගෙන් පසු
සමාජ විද්‍යාත්මක එළඹුමකින් අධ්‍යාපනය දෙස බලා එහි ඇති වැදගත්කම ප්‍රකාශ කළ
දාර්ශනිකයා වසශයෙන් එමිල් ඩුර්කයිම් (Emile Durkheim) හා මැක්ස් වෙබර් (Max Weber) පෙන්වාෝ දිය හැකිය. මෙම දෙදෙනා අතරින් අධ්‍යාපනයය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ
එමිල් ඩුර්කයිම් විසිනි. මුල්කාලීනව අධ්‍යාපනය දෙස දාර්ශනික දෘෂ්ටි කෝණයෙන් බලා ඒ පිළිබඳ ඉදිරිපත් කර ඇති දාර්ශනික මත පහත අයුරින් පෙන්වා දිය හැකිය.
"අධ්‍යාපනය නිඵල දෙක් නොවන, අව්‍යතා හා කාලානුුරූපව නිරතුරුවම වෙනස්වමින්
පවතින ක්‍රියාවලියක් බවයි”
(එමිල් ඩුරක්හයිම් Emile Kurkheim 1857-1917)
සෑම පුද්ගලයෙකුටම ඔබින පරමාර්ථදරිශී අධ්‍යාපන ක්‍රමයක් නොමැති බවත්, සෑම සමාජයක් තුළම
අධ්‍යාපන පද්ධතිය බොහෝ දුරට
තීරණය වන්නේ, එ් එ් සමාජවල ඇති සමාජ-සංස්කෘතික විවිධතා හා අවශ්‍යතා අනුව බවත් ඔහුගේ
විශ්වාසයයි, මේ පිළිබඳව තවදුරටත් අදහස්
දක්වන ඔහු සඳහන් කර ඉහත අයුරින් පෙන්වා දිය හැක.
"අධ්‍යාපනය සමාජ විද්‍යා ශික්ෂාව ^Discipline) සැලසුම් වී ඇත්තේ අනාගත ක්‍රියාවන් සඳහා අධ්‍යාපනඥයන් සූදානම් කිරීම් බවයි.” (ෂැනන්කී Zanieki 1882-1958)
"අධ්‍යාපනය සමාජ විද්‍යා ශික්ෂාව ^Discipline) සැලසුම් වී ඇත්තේ අනාගත ක්‍රියාවන් සඳහා අධ්‍යාපනඥයන් සූදානම් කිරීම් බවයි.” (ෂැනන්කී Zanieki 1882-1958)
මෙම ලේඛකයාට අනුව,
සමාජ විද්‍යා පර්යේෂණ මගින්
ලබාගන්නා දැනුම අධ්‍යාපන ක්‍රියාදාමය සැලසුම් කිරීම හා එම සැලසුම් ඵලදායි ලෙස ක්‍රියාවට
නැංවීම සඳහා යොදාගත ගත හැකි ය. එ් හේතුව නිසාම එය ව්‍යවහාරික
විද්‍යාවක් බවට පත්වෙන බව ෂැනන්කගේ නිගමනයයි. මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන
සමාජවිද්‍යඥයාගේ මූලික අරමුණ අධ්‍යාපනය කුමක් ද යන්න අධ්‍යාපනඥයින්ට අවබෝධ කරීමත්
සමාජයේ අවශ්‍යතා පිරිමැසෙන පරිදි එය සංවිධානය වී ඇති ආකාරය හැදෑරීමත් බව පෙන්වා
දෙයි.
“පුද්ගලයෙකු ලබා ගත් ලබා
ගන්නා වූ අත්දැකීම් හා සංවිධානය කර ගන්නා සමාජ
සම්බන්ධතා පිළිබඳව විස්තර කරන විද්‍යාව අධ්‍යාපන සමාජ විද්‍යාව බවයි” (පේනි ඡ්හැ
1928)
“ආර්ථීක හා සංස්කෘතික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් අන්තිමේදී පන්ති භේද ප්‍රතිනිෂ්පාදනය ගොඩනැගීමේ මූලික සාධනය අධ්‍යාපනයයි.” (මාක්ස්වාදී අධ්‍යාපනයෙහි
මුල් කාලීන අදහසක්)
සමාජ ස්ථර ක්‍රමය තවදුරටත් තහවුරු කොට පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපනය
භාවිතා කරන බව අධ්‍යාපන සමාජ විද්‍යාව තුළ පැහැදිලි වන බව ඔවුන්ගේ අදහස විය. අධ්‍යාපනය විද්‍යාවේ
සංවර්ධිත යුගය ආරම්භ වන්නේ 1960
කාල වකවානුවෙන් පසුවය. මෙම
කාල වකවානුවෙන් පසුව අධ්‍යාපනය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන කීපයක් පහත
අයුරින් පෙන්වාදිය හැකිය.
“ජීවිතයේ ප්‍රීතිය හා වාසනාව සලසා දෙන පරිදි
බුද්ධිය වර්ධනය ඇති කිරීම හා ජීවන තත්වය න`ගාලීම අධ්‍යාපනයයි” (ෆ්‍රැන්සිසි බේකන්)
“අධ්‍යාපනයේ උත්තරීතර අගය
නම් ගූණ දහමින් යුත් හදවතක් ඇති පුද්ගලයෙකු තැනීමයි”
(කොන්පියුසස් තුමා)
“අධ්‍යාපනය මගින් සාවද්‍ය
දේවල් ඉවත් කරමින් සත්‍ය අනාවරණය කොට ගත යුතුය” (සොක්‍රටීස්)
පුද්ගලයාට නිසියාකාරව යමක් පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකියාව ලැඛෙන
පරිදි අත්දැකීම් තුළින් ඔහු සංවර්ධනය වීම, එසේ කිරීමට නම් පුද්ගලයාට සත්‍ය අනාවරණය කරගෙන සිටිය යුතුයි බව ඔහු වැඩි
දුරටත් පෙන්වා දෙයි.
“බාල කාලයේ ස්වභාව ධර්මය
අනුව වැඩෙන දරුවාට හොඳ පුරුදු හා පුහුණුවක්
දීමෙන් සංවර්ධනය කිරීම අධ්‍යාපනයයි” (ආමෝස් කොමේනියස්)
“අධ්‍යාපනය පුද්ගලයාගේ හිස
හදවත සහ අත සංවර්ධනය කිීමය” (මහත්මා ගාන්ධි)
“අධ්‍යාපනයේ ප්‍රමුඛ නිෂ්ටාව
වන්නේ අලූත් අලූත් දේ කළ හැකි නිර්මාණශීලි නවොත්පාදක හා ගවේෂණශීලි පුද්ගලයන් බිහි
කිරීමයි” (ජීන් පියාජේ)
මහත්මා ගාන්ධි සහ ජීන් පියාජේගේ නිර්වචනවලින් පැහැදිලි කිරීම් සඳහා
පහත වගුව මනාවට උපයෝගී වේ. මහත්මා ගාන්ධි ඛෙන්ජමින් එස් බ්ලුම්
මහත්මා ගාන්ධි
|
ඛෙන්ජමින් එස් බ්ලුම්හිස
|
|
හිස
|
දැනුම (Knowladge)
|
ප්‍රජානන (Cognitive)
|
හදවත
|
ආකල්ප (Attitudes)
|
ආවේදන (Affective)
|
අත
|
කුසලතා (Skills)
|
මනෝචාලක (Phychomotive)
|
මේකි අධ්‍යාපන සංකල්ප පිළිබඳ විවිධ සංදර්භාදිය ඉදිරිපත් කර ඇති නිර්වචන රාකෂියක් ඇත.
“දැනීම හා අවබෝධ නොහොත්
අවබෝධයට පාදක වු ආත්මීකරණය නිරීම අධ්‍යාපනයයි”
(හර්ටිස්)
පෙරදිග චින්තනයයට අනුව “අධ්‍යාපන පරමාර්ත වන්නේ විනය හෙවත් හික්මීමයි.” ඒ බව පහත නිර්වචනයෙන්
පෙනීයයි. පෙරදිග චින්තනයට අනුව “අධ්‍යාපන පරමාර්ථය වන්නේ
විනය හෙවත් හික්මීමයි. පුද්ගලයා උපතේ සිට මරණය
දක්වා ආධ්‍යාත්මික වශයෙන් ද, චර්යාමය වශයෙන් ද,
ප්‍රායෝගික ක්‍රියාකාරකම්
වශයෙන් දපුද්ගලයෙකු ලබන පුහුණුව හා හික්මීම අධ්‍යාපනය යන්නේ අර්ථවත් වේ.”
“අධ්‍යාපන ක්‍රියාවලියේ
අවසානයක් නැත. මාධ්‍යක් නැත. යන දෙකම එකක් වේ. අධ්‍යාපනය
දිගටම වැඩෙන්නකි.”
(law lance
Elikadeth)
බෞද්ධ දර්ශනයට අනුව අධ්‍යාපනය යන්න පිළිබ`දව මෙසේ අදහස් පෙන්වා දිය හැකිය. “අධ්‍යාපනය භාවයෙන් භවයට යන අද්දැකීම් මාලාවකි.”
ඒ අනුව අධ්‍යාපනය යනු පුද්ගලයෙකු යථා තත්වයට
පත්කිරි මේ ක්‍රියාවලියක් බව මෙයින් අදහස් කරයි.
ඉහතින් සඳහන් සමස්ථ නිර්වචන සියල්ලටම
පොදු නිර්වචනයක් උපාලි සේදර විසින් ඉදිරිපත් කර ඇත. “අධ්‍යාපනය යනු අපේකෂික
දිශාවක් කෙරෙහි ශිෂ්‍ය චර්යාවන් හෙවත් හැසීරිම් වෙනස් කිරීමේ ක්‍රියා පද්ධතියකි.”
මෙලෙස පුද්ගලයා අධ්‍යාපනය ලබාගන්නා ආකාරය 03ක් අධ්‍යාපන විද්‍යාව තුළ දැකිය හැකිය.
v විධිමත් අධ්‍යාපනය
v අවිධිමත් අධ්‍යාපනය
v නොවිධිමත් අධ්‍යාපනය
ඉහත සදහන් අධ්‍යාපන ක්‍රම 03ට අමතරව
නව සංකල්පයක් ඉදිරිපත් වී ඇත. එනමුත් ඒ නිවැරදි අර්ථයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත්
කර නැත. self-taught
qutodidctic තමාට තමාම උගන්වා ගැනීම දල
අදහසකි.
මෙකි සියළු නිර්වචනයන් පොදුවේ ගෙන සලකා බලන විට අධ්‍යාපනය යන්න දිය
හාකි වඩාත්ම ගැලපෙන පොදු නිර්වචනය මෙසේ ඉදිරිපත් කර හැකිය. “පුද්ගලයෙකු උපතේ සිට මරණය දක්වා බාහිර අභ්‍යන්තර චර්යාවන් හැඩ
ගැස්වීම කෙරෙහි ලබා ගන්නා අද්දැකීම් හා ලැඛෙන්නා වු අත්දැකීම් ලබාගන්නා වු ක්‍රියාවලිය
අධ්‍යාපනයයි.” මෙහිදි ප්‍රජානන ආවේචන
මනෝචාලක (හිස හදවත අත) යන කෙෂ්ත්‍් තුනම සංවර්ධනය වීම අපේකෂා කෙරේයි” යනුවෙන් පෙන්වාදිය හැකිය.