Wednesday, September 1, 2021

ඉගැන්වීම පිලිබඳ දාර්ශනික මත විග‍්‍රහය

ඉගැන්වීම පිලිබඳ දාර්ශනික මත විග‍්‍රහය

    පුරාණ ශිෂ්ඨාචාර සමාජය තුළින් ආරම්භ වූ  ක‍්‍රමවේදයක් ලෙස මෙම ඉගැන්වීම් ක‍්‍රමවේදයක් පෙන්වා දිය හැකි ය දෙමාපියන් විසින් ළමා පරපුරට දැනුම ලබාදීමට ඔවුන් සතු වගකීම්ක් විය.  සමාජයේ ක‍්‍රමික විකාශයත් සමග ඉගැන්වීමේ කාර්යය  ආගමික සංවිධානයට අයත් කාර්යය විය. පසුකාලීනව ලොව පුරා රාජ්‍යයන් බිහි වීමත් සමග අධ්‍යාපණය ක‍්‍රමවත්ව ලබාදීම  රාජ්‍යයන් සතු වගකීම විය. ඉගැන්වීම් පිලි පිළිබඳව මුල් කාලයේදී ඉගැන්වීම යනුවෙන් අදහස් කළේ පහත සඳහන් ගුණාංගයන් ය.

  1. තොරතුරු  සම්පාදනය කිරීම. 
  2. යමක් කරන ආකාරය යමෙකුට පැහැදිලි කිරීම.
  3. විෂයන් ආශ‍්‍රිත  පාඩම් ඉගැන්වීම. 

    වත්මන් සමාජය වන විට මෙම අර්ථකථනය සම්පූර්ණයෙන්ම වෙනස් වී නැත මේ පිලි පිළිබඳව වර්තමානයේ ඉගැන්වීම් සහ ගුරු අධ්‍යාපනය පිළිබඳව විශ්වකෝෂයෙහි මෙසේ දක්වයි.

  1. ඉගැන්වීම පිළිබද විස්තරාත්මක විග‍්‍රහයන් ( Descrip – tive definitiins of teaching ) 
  2. සාර්ථකත්‍වය අරමුණු කොට ඉගැන්වීම ( Teaching as success )
  3. අභිප්‍රේත ක‍්‍රියාවලියක් ලෙස ඉගැන්වීම ( Teaching as intentional activity ) 
  4. න්‍යාත්මක ක‍්‍රියාවලියක් ලෙස ඉගැන්වීම ( Teaching as normative activity ) 
  5. ඉගැන්වීම විද්‍යාතමකව හැදින්වීම ( Towerds a Scientific definition of teaching )
  6. ඉගැන්වීමේ අනු දැනුම හෝ කුසලතාවයන් අන්‍යයන්ට ප‍්‍රකාශ කිරීම්යි (Teaching is imparting knowledge or skills) (සේනාධීර සිල්වි, හේවාපතිරන චිත‍්‍රාංගනීම, ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා ගුරු නිපුණතා(ප‍්‍රථම මුද්‍රණව-2012- පිට 13)  

මෙහි 6 වැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී (imparting, knowledge, skills) අර්ථය සංකීර්ණය.

නිදසුනක් වශයෙන් එක් (Protein) තමා දන්නා දේ අන්‍යයන්ට ප‍්‍රකාශ කිරීම්යි මේ අනුව ඉගැන්වීම් යනු අත්දැකීම් හුවමාරු කර ගැනීමයි එමෙන්ම (ෂපචදරඑසබට* යන්නට ඇති තවත් අර්ථ විග‍්‍රහයක් වන්නේ දේශයක් මගින් තොරතුරු සන්නි සන්නිවේදනය කිරීමයි. 

1ග ”ඉගෙනීම යන්න සාමාන්‍යයෙන් විග‍්‍රහ කිරීමේ දී අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන චර්්‍යාවේ හෝ දැනුමේ ස්ථීර වෙනසක් ලෙස සැලකේ. මෙම අර්ථකථනය වෙහෙස, පෙළඹවීම වැනි ක‍්‍රියාවලීන් නිසා ඇතිවන ඉගෙනීමේ වෙනස්කම්වලට වඩා වෙස්ය. ඔබ ටයිප් කරන්න හො`දින් දන්නවා ඇත. එරසේ වූවද ඔබ අද වෙහෙසට පත්ව ඇති නිසා එසේ ටයිප් කළ නොහැකිවනු ඇත. රාත‍්‍රී නින්දෙන් පසුව ඔබේ ටයිප කිරීම අති විශාල ලෙස දියුණුවිය හැක්කේ, රාත‍්‍රියෙහි ටයිප් කිරීම ඉගෙනීම නිසා නොවේ. හෙට දිනයේ තවත් උත්සාහ ගතහොත් එම හැකියාව තවත් දියුණු විය හැකිය. එය ඉගෙනීමෙන් සිදුවූ වෙනසක් නොවේ. සියලූ හැසිරීම්වල ඉගෙනීම දැකිය නොහැකිවන අතර, ඉගෙනීම ත්දැකීම් ආශ‍්‍රිතව ගොඉනැෙ`ගන වෙසක් විය යුතු වන අතර, එය අත්දැකීම්වල ස්ථිර ප‍්‍රතිඵලයක් ද විය යුතුය” :ඍදැාසටැර ්‍යගඛ*


2ග ”කෙටියෙන් කිවහොත් ඉගැන්වීම් යනු සරල වට්ටෝරුවකින් කෙසේ කෙරුණ දැයි විස්තර කළ නො නොහැකි තරමට අනන්තන්ත අප‍්‍රමාණ වර්ගයේ අවස්ථාවේ විෂයන් ශිෂ්‍ය කණ්ඩායම් වූ අයවැය කරුණු රාශියක් සංකීර්ණ වූ ක‍්‍රියාදාමයකි”    (ඬේවිස් සහ තෝමස්-1989*

3ග විකිණීම නිසා මිලදී ගැනීමක් සිදු වන්නාක් මෙන් ඉගැන්වීම් නිසා ඉගෙනීම් සිදුවේ. 

(මුරේ-2005*

මේ විග‍්‍රහයට අනුව විකිණීමක් නො වන තැන් මිලදී ගැනීම්ක්ක් නොවන අත අතර ඉගැන්වීම්ක් නොවන තැන් ඉගෙැන්වීමක් සිදු නොවේ මේ අනුව ඉගැන්වීම් යනු අන්‍යෝන්‍ය සබඳතාවය පමණක් නොව ඉගැන්වීම් ලබන්නක් උගන්වන කරුණු අත්පත් කර කර ගැනීම අදහස් කෙරෙයි.  

4ග ” ඉගැන්වීම් යනු උපස්ථම්බනය කරන ලද පුහුණුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඇතිවෙන සාපේක්‍ෂ වචනයෙන් නිත්‍ය වූ චර්යා වෙනස්වීමේ සක්‍යකාවයි.” : ඨැා්රා * ඵ්රංුමසි *

5ග ඉගැන්වීම් යනු යම් මාතෘකාවක් සඳහා ක්ෂණයකින් සූදානම් වීම, කාලය පිරිමසා ගැනීම, ස්වේච්ඡුාවෙන් කතා කිරීම, ආදිය සලකා බැලීමට ඇති හැකියාව වැනි අවශ්‍ය අවශ්‍යතා රාශියක  සංකීර්ණ එකතුවකි. (ගේග්-1989*

ගේග්ගේ විග‍්‍රහයට අනුව පරිගනකයේ වැනි කෘතිම බුද්ධිය පවා අතරමග කිරීමට සමත් බව ඔහු ප‍්‍රකාශ කර ඇත  


6ග ”ඉගැන්වීම් කොටස් තුනකින් සමන්විතය මුලින්ම විෂය පිළිබඳව සූදානම් විය යුතුයි දෙවනුව සිසුන්ට සන්නිවේදනය කළ යුතුයය අවසානයේදී ඔහු උගැන්වූ දේ නැවත සමහර සමාලෝචනය කර ඇගැයීමට ලක් කළ යුතුය.”  (හයිට්-1969* 


මෙම නිර්වචනය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනීයන්නේ ඉගැන්වීම් අධ්‍යාපන ක‍්‍රියාව ක‍්‍රියාවලියේ එක් කාර්යයක් වන බවයි එක් එක් සිසුවාගේ මානසික මට්ටම් අනුව ඉගැන්වීම් පිලි පිළිබඳව කැමැත්ත අඩු වැඩි විය හැකිය එ් අනුව ගුරුවරයා එ් එ් අවස්ථා වලට අවශ්‍ය පරිදි ගඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය අවස්ථා කර ගැනීම සිදුකර ගත් යුතුය එ් අනුව අධ්‍යාපන ක‍්‍රියාවලියේ වැදගත් ක‍්‍රියාවලියක් ලෙස ඉගැනීම පෙන්වා දිය හැකිය.


7ග ”ඉගැන්වීම් යනු පරිසමාප්තියෙන්ම ගණිතය ඉතිහාසය භූගෝලය පිළිබඳව ඇතැම් විට ගුරුවරයා විසින් ශිෂ්‍යයකු ලබාදීම පමණක් නොව විවිධ විෂයන් පිළිබඳ උපදෙස් දෙන අතරම මනසේ ද පරිවර්තනයක් ඇති කිරීමයි.”    (ක‍්‍රිෂ්නණමූර්ති පඬිතුමා*

එතුමාට අනුව සැබෑ ඉගැන්වීමෙන් අදහස් කරන්නේ පුද්ගලයාගේ සිට එනම් ශිෂ්‍යයාගේ සිත් ගණිතයත් භූගෝලය ඉතිහාසය කෙරෙහි දක්ෂ වීමට හැකිවීම පමණක් නොව කිසිදු අවස්ථාවක කිසිසේත්ම ප‍්‍රවාහයකට ඇද නො ගනු ලැබීමට හැකි වීමයි.


අධ්‍යාපනය සහ මනෝවිද්‍යාව ග‍්‍රන්ථයෙහි  ලෙෆරන්කොසිස් (ඛැරේබජදසිල2000-116* නියමයන් අර්ථ දක්වන්නේ තොරතුරු දැනුම් කුසලතා පුරුදු ආකල්ප විශ්වාස පිළිබඳව කරුණු අත්පත් කරගැනීම ගැනීම් ලෙස ලෙසිනි. 

විශේෂයෙන්ම දරුවා අවස්ථානුකූලව ලබන අද්දැකීම් සහ ඉගෙනීම ලබන චර්යාත්මක වෙනස පහත වගුවෙන් පැහැදිවේ.

අද්දැකීම් ඉගෙනීම් චර්යා වෙනස

බාහිර හෝ අභ්‍යන්තර පරිසරය සමඟ  සම්බන්ධවී ඉගෙනීමෙන් ලැබෙන අත්දැකීම් නැටුම්ක් නැටීම ගීතයක් ගායනය ඉගෙනීම් චර්යාවේ ඇතිවන ස්ථිර වෙනස්කම්වල ප‍්‍රතිඵල- නැටුම්ක පියවර ඉගෙනීම ගීතයක් තාලයට ගායනා කිරීම නාට්‍ය සංගීත සංදර්ශනයක් ගායන හැකියාව නිරීක්ෂණය නාට්‍ය සංගීත සංදර්ශනයක් ගායන හැකියාව නිරීක්ෂණය සංදර්ශනයක් ගායන හැකියාව නිරීක්ෂණය



ඉගෙනීුම් සංකල්පය ගැන විද්වතුන් විවිධ අර්ථ අර්ථකථන ඉදිරිපත් කර ඇත එවැනි අර්තකථන කීපයක් වර්ෂ අනුපිළිවෙළින් ඉදිරිපත් කර ඇත.

8ග වුඞ්වර්ත් ආර්.එස් ( 1945 *

”පුද්ගලයෙකු හො`ද හෝ නරක හෝ වෙනත් ආකාරයකින් වර්ධනය කරන ක‍්‍රියාවලිය ඉගෙනීම වේ.” 

අදහස් කරන්නේ නම් පමණක් නව තම චර්යා සහ අත්දැකීම් යහපත් හෝ අයහපත් වෙනසක් ඇති  බවයි. කිරීම ආදී වශයෙන් යහපත් අයහපත් ක‍්‍රියාවන් ගැනීමය.


9ග .කිංග්ස්ලි එච්. එල් සහ ගේරි ආර්. ( 1946 * 

”ඉගෙනීමේ ක‍්‍රියාවලිය මගින් සිදුවන පුහුණු වීම් සහ අභ්‍යාස නිසා චර්යාව ආරම්භයේ සිට වෙනස් වේ.”  

නිදසුනක් වශයෙන් කිසිවක් කළ නොහැකි මෙලොව උපදින දරුවා අභ්‍යාස පුහුණුව සහ පිළිගැනීම මගින් චාලක බුද්ධිය භාෂාමය කුසලතාවයන් පරිණතිය සහ මේරීම සමඟ වර්ධනය ඇති කර ගැනීම්යි.

”බුද්ධිය, චර්යාව, සංජානනය, පෙළඹීම ආදී සියල්ලේම වෙනස්කම්, ඉගෙනීමෙන් සිදුවන බව.”   

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් වන සිසුන්ගෙන් සීමිත ප‍්‍රමාණයක් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්නා බැවින් එහි එම පිරිසට ඇතුළත් වීම සදහා විශිෂ්ඨ ලෙස විභාගය සමත් වීමට ඉගෙනීම  අවශ්‍ය වේ. 

13.  ‘‘දරුවා ඉගෙනීම කළ යුත්තේ ඔහුගේ ම ක‍්‍රියාකාරකම් තුළිනි. ගුරුවරයා කරන්නේ කුමක් ද යන්න වැදගත් නො වේ. නමුත් ළමයා කරන දෙය වැදගත් ම සාධකය යි.’’  

‘‘ඉගෙනීම දරුවාගේ අවශ්‍යතා, ආශාවන් සහ සාර්ථක බව කෙරෙහි බලපෑම් ඇති කරයි.’’   

ඉගෙනීම ජීවිතයේ විවිධ අවස්ථාවල සාර්ථක ප‍්‍රතිඵල ලබා දීමට ද, මතකය වර්ධනය සහ වාචික හැකියා ආදියෙන් ඈතට ගොස් ශරීරයේ අභ්‍යන්තර කොටස් පේශීන් සහ ග‍්‍රන්ථීන් ආදියට ද බලපෑම් ඇති කරන බව, අදහසයි. තව ද අවස්ථානුකූල ව ගැටළුවකට විසඳුමක් වශයෙන් සිතීම, විඳීම, ක‍්‍රියා කිරීම ආදී වශයෙන් ගෙස්ටෝල්ට් වාදීන්ගේ සමස්තය, ඉගෙනීම බව මොවුන් විස්තර කර ඇත. එම අදහස මෙසේ දැක්විය හැකි 

 ඉහත සදහන් දාර්ශනික නිර්වචන සහ විග‍්‍රහයන් දෙස අවධානය යොමු කිරීම දී ඉගෙනීම නිසා චර්යාවේ විවිධ අංශවල ඵලදායී වෙනස්කම් සිදුවන බව පැහැදිළිය. 

 

ඉගෙනීමේ වැදගත්කම, ප‍්‍රයෝජන සහ අවශ්‍යතා  



ඉගනුම වර්ග 

 


ඉගැන්වීම සහ ඉගෙනීම පිළිබද විග‍්‍රහය


 ඉගැන්වීම සහ ඉගෙනීම පිළිබද විග‍්‍රහය 

    Teach ඉගැන්වීම  යන වචනයේහි අදහස සහ ඉගැන්වීම පිළිබද සම්ප‍්‍රධායානුකූලව ප‍්‍රකාශ මෙම කොටසට ඇතුලත් කර ඇත. Teach ඉගැන්වීම යන සංකල්පයට දීර්ඝව අදහස් දක්න ලැබෙයි. එහි භාවිතය කාලීන වශයෙන්  වෙනස්කම් දක්නට ලැබෙයි. සමාරම්භක අවදියේ සිටම Learn (ඉගෙනීම) සහ (teach) ඉගැන්වීම යන සංකල්ප දෙක එකම අර්ථයෙන් භාවිත කර ඇත. ඉගෙනීම හා ඉගැන්වීම යන සංකල්පයේහි සුවිශේෂි අර්ථ වටහා දැන ගැනීම සදහ පළමුවෙන්ම මෙම වචන දෙකෙහි ප‍්‍රභවය හෙවත් විකාශය වීම හා පැරණි අර්ථ කථන විමසීම වඩාත් යෝග්‍ය වේ.  

    Learn (ඉගෙනීම) යනු මධ්‍ය ඉංග‍්‍රීසි (Middle Englih) ‘‘Learnen’’ යන වචනයෙන් බිදී ආ වචනයකි. එහි අදහස වන්නේ ඉගෙනීම හා ඉගැන්වීමයි. ‘‘Lernen’’ Anglo Saxon lern  යන වචනයෙන් මූලාරම්භය ලබා ඇත. එය ඛදරු යන්නෙහි මූල ධාතූ රූපය වූ ඛ්ර පදනම් කරගෙන නිර්මාණය වී ඇත. Lore යනුවෙන් මුල් කාලීනව අදහස් කළේ ඉගෙනීම හා ඉගැන්වීම යන්නයි. Learn සහ Teach එකම ග‍්‍රන්ථයකින් ගත් බව සදහන් කරන Oxford  විශ්වකෝෂය ‘‘I will learn you type writing’’ යනු පැරණී නිවැරදි ඉංග‍්‍රීසි ව්‍යවහාරය දක්නට ලැබෙන බවද සදහන් කර ඇත. 

    Oxford ශබ්දකෝෂයේ සදහන් මෙම වාක්‍යයෙන් Learn යන වචනයේහි අදහස Teach යන වචනයේහි අර්තයෙන් පවතින බව වඩාත් හොදින් පැහැදිළි වේ. Teach  යන ඉංග‍්‍රීසි වචනය ද පැරණි ඉංග‍්‍රීසි ව්‍යවහාරයෙන් විකාශය වූවකී. පැරණි ඉංග‍්‍රීසි සහ පැරණි Teatonic  ව්‍යවහාරය Teik (ටීක්) යන මූලයෙන් උත්පාදනය වූ teach යන වචනයේහි අර්ථය බව පෙනීම යන්නයි. Teach  ඉගෙනීම යන වචනය Token යන ඉංග‍්‍රීසි වචනය සම්බන්ධවය. Token වචනයේහි අදහස වන්නේ සංඥාව හෙවත් සංඛේතය යන්නයි. මේ අදහසට අනුව ඉගෙනීම යනුවෙන් අදහස් වන්නේ සංඥා හා සංඛේත භාවිත කර වැදගත් සිදුවීම්, පුද්ගලයන්, නිරීක්‍ෂණ, ප‍්‍රථිඵල ආදිය පිළිබද ප‍්‍රතිචාර ලබා ගැනීමට පෙළඹවීමක් ඇති කිරීමයි. 

    16 වන ශත වර්ශයේ පැවති ඉගැන්වීම පිළිබද විස්තරාත්මක විග‍්‍රහයට වඩා නූතන අධ්‍යාපනඥයින්ගේ අදහස්  බොහෝ දුරට වෙනස් වී ඇත. මුල්කාලීනව ඉගැන්වීම යනුවෙන් අදහස් කළේ පහත සදහන් අයුරින් අර්තවත් ගන්වන පරිදිය.  (සේනාධීර සිල්වි, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සැලසුම්කරණය සඳහා දාර්ශනික මාර්ගෝපදේශ, (ප‍්‍රථම මුද්‍රණය-2002, පිටව 3.)

  1. තොරතුරු සම්පාදනය කිරීම. 
  2. යමක් කරන ආකාරය පුද්ගලයෙකුට පැහැදිළි කිරීම. 
  3. විෂය ආශ‍්‍රිත පාඩම් ඉගැන්වීම. 

මෙම විස්තරාත්මක අර්ථ කථනය නූතනයේදී ද සම්පූර්ණයෙන්ම වෙනස්ම අදහස් දක්නට නොමැත. ඉගැන්වීම පිළිබද නූතනයේ විස්්තරාත්මක විග‍්‍රහය ඉගැන්වීම සහ ගුරු අධ්‍යාපනය පළිබද විශ්වකෝෂයේ මෙසේ දක්වා ඇත. 

‘‘Teaching in imparting knowledge or skill’’ 

''ඉගැන්වීම යනු දැනුම කුසලතා අන්‍යන්ට ප‍්‍රකාශ කිරීමය.'' 

මෙම ප‍්‍රධාන වචන තුනෙහි Impartin,lnoweledge,Skill අර්ථ සංකීර්ණය. උදාහරණ වශයෙන් එක් අර්ථයකට අනුව Imparting යනු තමා දන්නා දේ අනුනට ලබා දීමයි. එයටම තවත් අදහසක් නම් දේශණයක් මගින් තොරතුරු සංනිවේදනය කිරීමයි. මෙම අදහස ප‍්‍රශ්ණ කරණය, විමසීම, විචාරය යනුවෙන් අර්ථ දක්වන අප තොරතුරු සංනිවේදනය කිරීමේ යන මාධ්‍ය යන විග‍්‍රහයට විරුද්ධ වෙති. ඔහු ඉගෙනීම විමසීමක් ලෙස අර්ථ කථන කරයි.  Teaching as inquiry’’ මේ අනුව ඉගැන්වීම පිළිබද පළමු විග‍්‍රහය කාලානු රූපව පුද්ගලයන්ගේ අදහස් අනුව වෙනස් වෙමින් පවතින ආකාරය පැහැදිළි වේ.

                                                                                                    පඹහින්නේ ගයා මූර්ති හිමි                                                                                                         දෙවන වසර                                                                                                                        ශ්‍රී ලංකා භික‍ෂු විශ්වවිද්‍යාලය                                                                                                            අනුරාධපුර


Wednesday, August 21, 2019

01.අධ්‍යාපනය යනු


01.අධ්‍යාපනය යනු
පඹහින්නේ ගයා මූර්ති හිමි 
පලමු වසර
ශ්‍රී ලංකා භික‍ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර

අධ්‍යාපනය යනු කුමක් දැයි සොයා බැලීමට ප්‍රථමයෙන් අධ්‍යාපනය යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කර කළ යුතුය. Educo යන ලතින්  භාෂාවේ වචනයෙන් බිදී ආ වචනකි.  එය පසුව Education යනුවෙන් සකස් වී ඇත.  Education  යන වචනයේ අදහස සංස්කෘත  ඉංග්‍රීසි ශබ්දකෝෂයේ මෙසේ දක්වයි.
v උපදෙස් දීම 
v ඉගැන්වීමඅග්‍රවල්
අග්‍රවල් (Agrawal) - විද්‍යාඥයාට අනුව අධ්‍යාපනය පිළිබඳව ප්‍රධාන කරුණු හතරක් යටතේ විග්‍රහ කරයි.
v Education - ඉගෙනීමේ ක්‍රියාවලිය.
v Educere   - මග පෙන්වීම හෝ එලියට ගැනීම.
v Educare - ඇති දැඩි කිරීම පුහුණු කිරීම, පුහුණු කිරීම.
v Educo - ඉදිරියට යොමු කිරීම සාරය එළියට ගැනීම.

අධ්‍යාපනය පිළිබඳ විවිධ දාර්ශනිකයන් විවිධ අදහස් පළකර ඇත. එම අදහස් අතර සමාජය තුළ සිදුවන ක්‍රියාවලියක් වශයෙන් මෙම අධ්‍යාපනය දෙස විද්‍යාත්මකව දෘෂ්ටිකෝණයෙන් ප්‍රථමයෙන්ම අවධානය යොමුකරන ලද දර්ශනිකයා වශයෙන් ඩුවී (Duwey) පෙන්වා දිය හැකිය. නමුත් එම අදහස පිළිබඳ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට යොමු වූ බවක් දක්නට නැත. ඩුවී ගෙන් පසු සමාජ විද්‍යාත්මක එළඹුමකින් අධ්‍යාපනය දෙස බලා එහි ඇති වැදගත්කම ප්‍රකාශ කළ දාර්ශනිකයා වසශයෙන් එමිල් ඩුර්කයිම් (Emile Durkheim) හා මැක්ස් වෙබර් (Max Weber) පෙන්වාෝ දිය හැකිය.  මෙම දෙදෙනා අතරින් අධ්‍යාපනයය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ එමිල් ඩුර්කයිම් විසිනි. මුල්කාලීනව අධ්‍යාපනය දෙස දාර්ශනික දෘෂ්ටි කෝණයෙන් බලා ඒ පිළිබඳ ඉදිරිපත් කර ඇති දාර්ශනික මත පහත අයුරින් පෙන්වා දිය හැකිය. 
 "අධ්‍යාපනය නිඵල දෙක් නොවන, අව්‍යතා හා කාලානුුරූපව නිරතුරුවම වෙනස්වමින් පවතින ක්‍රියාවලියක් බවයි”            (එමිල් ඩුරක්හයිම් Emile Kurkheim 1857-1917)
සෑම පුද්ගලයෙකුටම ඔබින පරමාර්ථදරිශී අධ්‍යාපන ක්‍රමයක් නොමැති බවත්, සෑම සමාජයක් තුළම  අධ්‍යාපන පද්ධතිය බොහෝ දුරට තීරණය වන්නේ, එ් සමාජවල ඇති සමාජ-සංස්කෘතික විවිධතා හා අවශ්‍යතා අනුව බවත් ඔහුගේ විශ්වාසයයි, මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ඔහු සඳහන් කර ඉහත අයුරින් පෙන්වා දිය හැක.

"
අධ්‍යාපනය සමාජ විද්‍යා ශික්ෂාව ^Discipline) සැලසුම් වී ඇත්තේ අනාගත ක්‍රියාවන් සඳහා අධ්‍යාපනඥයන් සූදානම් කිරීම් බවයි.”     (ෂැනන්කී Zanieki 1882-1958)
  මෙම ලේඛකයාට අනුව, සමාජ විද්‍යා පර්යේෂණ මගින් ලබාගන්නා දැනුම අධ්‍යාපන ක්‍රියාදාමය සැලසුම් කිරීම හා එම සැලසුම් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා යොදාගත ගත හැකි ය. එ හේතුව නිසාම එය ව්‍යවහාරික විද්‍යාවක් බවට පත්වෙන බව ෂැනන්කගේ නිගමනයයි. මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන සමාජවිද්‍යඥයාගේ මූලික අරමුණ අධ්‍යාපනය කුමක් ද යන්න අධ්‍යාපනඥයින්ට අවබෝධ කරීමත් සමාජයේ අවශ්‍යතා පිරිමැසෙන පරිදි එය සංවිධානය වී ඇති ආකාරය හැදෑරීමත් බව පෙන්වා දෙයි.
          පුද්ගලයෙකු ලබා ගත් ලබා ගන්නා වූ අත්දැකීම් හා  සංවිධානය කර ගන්නා සමාජ සම්බන්ධතා පිළිබඳව විස්තර කරන විද්‍යාව අධ්‍යාපන සමාජ විද්‍යාව බවයි”                                                                                                     (පේනි ඡ්හැ 1928)
ආර්ථීක හා සංස්කෘතික ක්‍රියාවලියක්  ක්‍රියාත්මක කරමින් අන්තිමේදී පන්ති භේද  ප්‍රතිනිෂ්පාදනය ගොඩනැගීමේ මූලික සාධනය අධ්‍යාපනයයි.”                                                                                   (මාක්ස්වාදී අධ්‍යාපනයෙහි මුල් කාලීන අදහසක්)
සමාජ ස්ථර ක්‍රමය තවදුරටත් තහවුරු කොට පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපනය භාවිතා කරන බව අධ්‍යාපන සමාජ විද්‍යාව තුළ පැහැදිලි වන බව ඔවුන්ගේ අදහස විය. අධ්‍යාපනය විද්‍යාවේ සංවර්ධිත යුගය ආරම්භ වන්නේ 1960  කාල වකවානුවෙන් පසුවය. මෙම කාල වකවානුවෙන් පසුව අධ්‍යාපනය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන කීපයක් පහත අයුරින් පෙන්වාදිය හැකිය.
ජීවිතයේ ප්‍රීතිය හා වාසනාව සලසා දෙන පරිදි බුද්ධිය වර්ධනය ඇති කිරීම හා ජීවන තත්වය න`ගාලීම අධ්‍යාපනයයි”                                                                                                                                        (ෆ්‍රැන්සිසි බේකන්)          
අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගූණ දහමින් යුත් හදවතක් ඇති පුද්ගලයෙකු තැනීමයි”                                                                                           (කොන්පියුසස් තුමා)
අධ්‍යාපනය මගින් සාවද්‍ය දේවල් ඉවත් කරමින් සත්‍ය අනාවරණය කොට ගත යුතුය”                                                                            (සොක්‍රටීස්)
පුද්ගලයාට නිසියාකාරව යමක් පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකියාව ලැඛෙන පරිදි අත්දැකීම් තුළින් ඔහු සංවර්ධනය වීම, එසේ  කිරීමට නම් පුද්ගලයාට සත්‍ය අනාවරණය කරගෙන සිටිය යුතුයි බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
බාල කාලයේ ස්වභාව ධර්මය අනුව වැඩෙන දරුවාට හො පුරුදු හා පුහුණුවක් දීමෙන් සංවර්ධනය කිරීම අධ්‍යාපනයයි”                                                                                                                                         (ආමෝස් කොමේනියස්) 
අධ්‍යාපනය පුද්ගලයාගේ හිස හදවත සහ අත සංවර්ධනය කිීමය”                                                                                                                              (මහත්මා ගාන්ධි)
අධ්‍යාපනයේ ප්‍රමුඛ නිෂ්ටාව වන්නේ අලූත් අලූත් දේ කළ හැකි නිර්මාණශීලි නවොත්පාදක හා ගවේෂණශීලි පුද්ගලයන් බිහි කිරීමයි”                       (ජීන් පියා‌ජේ)
මහත්මා ගාන්ධි සහ ජීන් පියා‌ජේගේ නිර්වචනවලින් පැහැදිලි කිරීම් සඳහා පහත වගුව මනාවට උපයෝගී වේ. මහත්මා ගාන්ධි       ඛෙන්ජමින් එස් බ්ලුම්
මහත්මා ගාන්ධි
ඛෙන්ජමින් එස් බ්ලුම්හිස
හිස
දැනුම (Knowladge)
ප්‍රජානන (Cognitive)
හදවත
ආකල්ප (Attitudes)
ආවේදන (Affective)
අත
කුසලතා (Skills)
මනෝචාලක (Phychomotive)

     මේකි අධ්‍යාපන සංකල්ප පිළිබ විවිධ සංදර්භාදිය ඉදිරිපත් කර ඇති නිර්වචන රාක‍ෂියක් ඇත.
දැනීම හා අවබෝධ නොහොත් අවබෝධයට පාදක වු ආත්මීකරණය නිරීම අධ්‍යාපනයයි
(හර්ටිස්)
පෙරදිග චින්තනයයට අනුව අධ්‍යාපන පරමාර්ත වන්නේ විනය හෙවත් හික්මීමයි. බව පහත නිර්වචනයෙන් පෙනීයයි. පෙරදිග චින්තනයට අනුව අධ්‍යාපන පරමාර්ථය වන්නේ විනය හෙවත් හික්මීමයි. පුද්ගලයා උපතේ සිට මරණය දක්වා ආධ්‍යාත්මික වශයෙන් ද, චර්යාමය වශයෙන් ද, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වශයෙන් දපුද්ගලයෙකු ලබන පුහුණුව හා හික්මීම අධ්‍යාපනය යන්නේ අර්ථවත් වේ.
අධ්‍යාපන ක්‍රියාවලියේ අවසානයක් නැත. මාධ්‍යක්  නැත. යන දෙකම එකක් වේ. අධ්‍යාපනය දිගටම වැඩෙන්නකි.
(law lance Elikadeth)
බෞද්ධ දර්ශනයට අනුව අධ්‍යාපනය යන්න පිළිබ`දව මෙසේ අදහස් පෙන්වා දිය හැකිය. අධ්‍යාපනය භාවයෙන් භවයට යන අද්දැකීම් මාලාවකි.”
ඒ අනුව අධ්‍යාපනය යනු පුද්ගලයෙකු යථා  තත්වයට පත්කිරි මේ ක්‍රියාවලියක් බව මෙයින් අදහස් කරයි.
ඉහතින් සහන් සමස්ථ නිර්වචන සියල්ලටම පොදු නිර්වචනයක් උපාලි සේදර විසින් ඉදිරිපත් කර ඇත. අධ්‍යාපනය යනු අපේක‍ෂික දිශාවක් කෙරෙහි ශිෂ්‍ය චර්යාවන් හෙවත් හැසීරිම් වෙනස් කිරීමේ ක්‍රියා පද්ධතියකි.”
මෙලෙස පුද්ගලයා අධ්‍යාපනය ලබාගන්නා ආකාරය 03ක් අධ්‍යාපන විද්‍යාව තුළ දැකිය හැකිය.
v විධිමත් අධ්‍යාපනය
v අවිධිමත් අධ්‍යාපනය
v නොවිධිමත් අධ්‍යාපනය
ඉහත සදහන් අධ්‍යාපන ක්‍රම 03ට අමතරව නව සංකල්පයක් ඉදිරිපත් වී ඇත. එනමුත් ඒ නිවැරදි අර්ථයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර නැත. self-taught qutodidctic තමාට තමාම උගන්වා ගැනීම දල අදහසකි.
මෙකි සියළු නිර්වචනයන් පොදුවේ ගෙන සලකා බලන විට අධ්‍යාපනය යන්න දිය හාකි වඩාත්ම ගැලපෙන පොදු නිර්වචනය මෙසේ ඉදිරිපත් කර හැකිය. පුද්ගලයෙකු උපතේ සිට මරණය දක්වා බාහිර අභ්‍යන්තර චර්යාවන් හැඩ ගැස්වීම කෙරෙහි ලබා ගන්නා අද්දැකීම් හා ලැඛෙන්නා වු අත්දැකීම් ලබාගන්නා වු ක්‍රියාවලිය අධ්‍යාපනයයි. මෙහිදි ප්‍රජානන ආවේචන මනෝචාලක (හිස හදවත අත) යන ‌‌‌කෙෂ්ත්‍් තුනම සංවර්ධනය වීම අපේක‍ෂා කෙරේයියනුවෙන් පෙන්වාදිය හැකිය.