ඉගැන්වීම සහ ඉගෙනීම පිළිබද විග‍්‍රහය
Teach ඉගැන්වීම යන වචනයේහි අදහස සහ ඉගැන්වීම පිළිබද සම්ප‍්‍රධායානුකූලව ප‍්‍රකාශ මෙම කොටසට ඇතුලත් කර ඇත. Teach ඉගැන්වීම යන සංකල්පයට දීර්ඝව අදහස් දක්න ලැබෙයි. එහි භාවිතය කාලීන වශයෙන් වෙනස්කම් දක්නට ලැබෙයි. සමාරම්භක අවදියේ සිටම Learn (ඉගෙනීම) සහ (teach) ඉගැන්වීම යන සංකල්ප දෙක එකම අර්ථයෙන් භාවිත කර ඇත. ඉගෙනීම හා ඉගැන්වීම යන සංකල්පයේහි සුවිශේෂි අර්ථ වටහා දැන ගැනීම සදහ පළමුවෙන්ම මෙම වචන දෙකෙහි ප‍්‍රභවය හෙවත් විකාශය වීම හා පැරණි අර්ථ කථන විමසීම වඩාත් යෝග්‍ය වේ.
Learn (ඉගෙනීම) යනු මධ්‍ය ඉංග‍්‍රීසි (Middle Englih) ‘‘Learnen’’ යන වචනයෙන් බිදී ආ වචනයකි. එහි අදහස වන්නේ ඉගෙනීම හා ඉගැන්වීමයි. ‘‘Lernen’’ Anglo Saxon lern යන වචනයෙන් මූලාරම්භය ලබා ඇත. එය ඛදරු යන්නෙහි මූල ධාතූ රූපය වූ ඛ්ර පදනම් කරගෙන නිර්මාණය වී ඇත. Lore යනුවෙන් මුල් කාලීනව අදහස් කළේ ඉගෙනීම හා ඉගැන්වීම යන්නයි. Learn සහ Teach එකම ග‍්‍රන්ථයකින් ගත් බව සදහන් කරන Oxford විශ්වකෝෂය ‘‘I will learn you type writing’’ යනු පැරණී නිවැරදි ඉංග‍්‍රීසි ව්‍යවහාරය දක්නට ලැබෙන බවද සදහන් කර ඇත.
Oxford ශබ්දකෝෂයේ සදහන් මෙම වාක්‍යයෙන් Learn යන වචනයේහි අදහස Teach යන වචනයේහි අර්තයෙන් පවතින බව වඩාත් හොදින් පැහැදිළි වේ. Teach යන ඉංග‍්‍රීසි වචනය ද පැරණි ඉංග‍්‍රීසි ව්‍යවහාරයෙන් විකාශය වූවකී. පැරණි ඉංග‍්‍රීසි සහ පැරණි Teatonic ව්‍යවහාරය Teik (ටීක්) යන මූලයෙන් උත්පාදනය වූ teach යන වචනයේහි අර්ථය බව පෙනීම යන්නයි. Teach ඉගෙනීම යන වචනය Token යන ඉංග‍්‍රීසි වචනය සම්බන්ධවය. Token වචනයේහි අදහස වන්නේ සංඥාව හෙවත් සංඛේතය යන්නයි. මේ අදහසට අනුව ඉගෙනීම යනුවෙන් අදහස් වන්නේ සංඥා හා සංඛේත භාවිත කර වැදගත් සිදුවීම්, පුද්ගලයන්, නිරීක්‍ෂණ, ප‍්‍රථිඵල ආදිය පිළිබද ප‍්‍රතිචාර ලබා ගැනීමට පෙළඹවීමක් ඇති කිරීමයි.
16 වන ශත වර්ශයේ පැවති ඉගැන්වීම පිළිබද විස්තරාත්මක විග‍්‍රහයට වඩා නූතන අධ්‍යාපනඥයින්ගේ අදහස් බොහෝ දුරට වෙනස් වී ඇත. මුල්කාලීනව ඉගැන්වීම යනුවෙන් අදහස් කළේ පහත සදහන් අයුරින් අර්තවත් ගන්වන පරිදිය. (සේනාධීර සිල්වි, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සැලසුම්කරණය සඳහා දාර්ශනික මාර්ගෝපදේශ, (ප‍්‍රථම මුද්‍රණය-2002, පිටව 3.)
- තොරතුරු සම්පාදනය කිරීම.
- යමක් කරන ආකාරය පුද්ගලයෙකුට පැහැදිළි කිරීම.
- විෂය ආශ‍්‍රිත පාඩම් ඉගැන්වීම.
මෙම විස්තරාත්මක අර්ථ කථනය නූතනයේදී ද සම්පූර්ණයෙන්ම වෙනස්ම අදහස් දක්නට නොමැත. ඉගැන්වීම පිළිබද නූතනයේ විස්්තරාත්මක විග‍්‍රහය ඉගැන්වීම සහ ගුරු අධ්‍යාපනය පළිබද විශ්වකෝෂයේ මෙසේ දක්වා ඇත.
‘‘Teaching in imparting knowledge or skill’’
''ඉගැන්වීම යනු දැනුම කුසලතා අන්‍යන්ට ප‍්‍රකාශ කිරීමය.''
මෙම ප‍්‍රධාන වචන තුනෙහි Impartin,lnoweledge,Skill අර්ථ සංකීර්ණය. උදාහරණ වශයෙන් එක් අර්ථයකට අනුව Imparting යනු තමා දන්නා දේ අනුනට ලබා දීමයි. එයටම තවත් අදහසක් නම් දේශණයක් මගින් තොරතුරු සංනිවේදනය කිරීමයි. මෙම අදහස ප‍්‍රශ්ණ කරණය, විමසීම, විචාරය යනුවෙන් අර්ථ දක්වන අප තොරතුරු සංනිවේදනය කිරීමේ යන මාධ්‍ය යන විග‍්‍රහයට විරුද්ධ වෙති. ඔහු ඉගෙනීම විමසීමක් ලෙස අර්ථ කථන කරයි. “Teaching as inquiry’’ මේ අනුව ඉගැන්වීම පිළිබද පළමු විග‍්‍රහය කාලානු රූපව පුද්ගලයන්ගේ අදහස් අනුව වෙනස් වෙමින් පවතින ආකාරය පැහැදිළි වේ.
පඹහින්නේ ගයා මූර්ති හිමි දෙවන වසර ශ්‍රී ලංකා භිකෂු විශ්වවිද්‍යාලය අනුරාධපුර
හොද වැඩක් ශිල්ප ඇකඩමිය
ReplyDeleteThanka
ReplyDelete